අපි හිතමු Photoshop වල සිංහලෙන් ටයිප් කරන්න ඕන කියලා… අත්දැකීම් තියෙන ඕන කෙනෙක් දන්නවා සිංහල යුනිකෝඩ් ෆොන්ට් හරියට වැඩ කරන්නේ නෑ කියලා.. අනික ඉතින් ලස්සන ලස්සන සිංහල ෆොන්ට් එහෙම දාල සුපිරි Graphic Design කරන්න තමා අපි කවුරුත් කැමති… ඒත් ඒ සිංහල ෆොන්ට් තියෙන්නේ විජේසේකර සම්මත යතුරු පුවරුවට අනුව… ඒකට හුරු වුන අයට නම් ඉතින් ඒ තරම් ගැටළුවක් නෑ.. ඒත් අපිට මේ Photoshop වගේ සොෆ්ට්වෙයා වල සිංග්ලිෂ් විදියට ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ටයිප් කරන්න තියෙනවා නම් අපේ කාලය ගොඩක් ඉතිරි කරගන්න තිබුනා… ඒ වගේම ඒක ගොඩක් ලේසියි…


ඉතින් ඔය ප්‍රශ්නේ දිහා බලපු අපේ තුසිත මනතුංග සහෝදරයා නිර්මාණය කළා බොහොම අපූරු සොෆ්ට්වෙයා එකක්… එකේ නම පැන්සල. මේකෙන් අපිට පුළුවන් සාමාන්‍ය විදියට යුනිකෝඩ් ෆොන්ට් පාවිච්චි කරලා සිංහලෙන් ටයිප් කරන්න. ඒ කිව්වේ බ්ලොග් වල වෙබ් සයිට් වල, ෆේස්බුක් එකේ එහෙම. මං මෙතන ඒක ගැන නම් වැඩිපුර කියන්න යන්නේ නෑ..


ඔය පින්තුරයේ තියෙන විදියට යුනිකෝඩ් මෝඩ් එක පාවිච්චි කරලා සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන්. (ඔතන Unicode කියන එක උඩ ක්ලික් කලාම Office Mode එකට මාරු වෙන්න පුළුවන්.)

මම දැන් කියන්න යන්නේ මේකේ Office Mode එක ගැන. මේක තමයි ගොඩක්ම වටින්නේ… ඔන්න මම Photoshop වල අලුත් ඩොකියුමන්ට් එකක් අරගෙන ටයිප් ටුල් එකෙන් ටයිප් කරන්නයි යන්නේ… මම ගොඩක්ම කැමති ලස්සන ෆොන්ට් එකක් තමයි FMArjunn කියන්නේ… ඉතින් ඒකත් තෝරගෙන මෙන්න මේ විදියට ටයිප් කරලා Space Bar එක එක පාරක් ඔබනවා..




පේනවා ඇතිනේ.. සිංග්ලිෂ් වලින් ටයිප් කරද්දී ටයිප් වෙන්නේ එක එක හරුප ඒත් මේ Software එකෙන් හරියට පෙන්වනවා අපි ටයිප් කරන එක. වචනය ටයිප් කරලා ඉවර වෙලා Space Bar එක එක පාරක් ඔබපු ගමන් අපිට ඕන කරන වචනය එනවා.. ඉතින් මේක පාවිච්චි කරලා ඕනෑම සිංහල ෆොන්ට් එකකින් ලේසියෙන්ම සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන් අපිට. දැන් ඉතින් මේ සිංහල ෆොන්ට් වලට ඕනෑම Effect එකක් දාල ලස්සන කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව…


ඉතින්…..

අපේ ලංකාවේ අපේ සහෝදරයෙක් කරපු මේ නිර්මාණය අපිට ගොඩක් ප්‍රයෝජනවත්… මම ඉතින් ඒ සොෆ්ට්වෙයා ඒක ගැන වැඩියේ විස්තර කරන්න ගියේ නෑ.. මම කලේ ඒකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන උදාහරණ එක්කම පැහැදිලි කිරීමක් කරපු එක. මොකද මේක දැකපු ගමන් අපේ ලංකාවේ ගොඩක් අය හිතන්නේ “අපෝ ඕක හදලා තියෙන්නේ ලංකාවේ එකෙක්ද? මෙලෝ රහක් නැතුව ඇති එහෙනම්” කියලා… ඉතින් ඒ නිසාම උදාහරණ එක්කම පෙන්නුවා මේකේ තියෙන වටිනා කම. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔය පහල තියෙන පින්තුරය උඩ ක්ලික් කරලා තුසිත මනතුංග සහෝදරයාගේ වෙබ් අඩවියට යන්න.



ටයිප් කරන හැටි දැනගන්න ඕන නම් මෙන්න මේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න.


~උපුටාගැනීමකි~