Blogger Widgets

About Me

Sunday, September 23, 2012

බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් නොමිලේ හදමු.


  සුබ දවසක් ,,  ටික දවසකින්  වැදගත්  දෙයක්   ලියන්න   බැරිවුණා ..   නමුත්  අද මේ   කරන්න යනදේ නම් බ්ලොගර්  වලින් බ්ලොග් ලියන කට්ටියට   ගොඩක් වැදගත් වෙයි.   අද කරන්න හදන්නේ  බ්ලොගර්  වලින් හදන වෙබ් එකකට  ටෙම්ප්ලේට්   එකක් අලුතෙන්   නිර්මාණය කරන්න ...  ගොඩක් විට   බොහෝ දෙනා  කරන්නේ  මේ  ටෙම්ප්ලේට්   එකක්   කොහෙන්හරි   හොයාගෙන  ඒක ෆ්‍රී  ඩවුන්ලෝඩ්  කරගන්න එකනේ.... මෙතන තියෙන ප්‍රධාන වාසිය ,, අපට අවශ්‍ය  පරිදි   , වර්ණ   සංයෝජනය  හා  ලේඅවුට්  එක  සකස්  කරගන්න  පුළුවන්   වීම ..... ඒවගේම  බ්ලොගර්  ටෙම්ප්ලේට්  එක හදාගන්න   html / ජාවා  ගැන වැඩි  දැනුමක්  නැති අයට වුනත් පහසුවෙන්ම   කරන්න   පුළුවන් .  හරි එහෙනම් වැඩි   කතා නැතිව ,, අපිත්  ටෙම්ප්ලේට්  එක හදන්න   පටන්   ගමු....    මේ සදහා  පාවිච්චි කරන්න   යන්නේ TrixTG   Blogger template Generator . ..  මුලින්ම   මේ ලින්ක් එකෙන් යන්න....

එවිට   පහත දැක්වෙන ආකාරයේ මෙනුවක් වෙත  ගමන්  කරයි .
මෙතැනදී  ,, එකියන්නේ  General Setting වලදී තමන්ට  එඩිට් කර සකස් කරගැනීමට අවශ්‍ය ටෙම්ප්ලේට් වර්ගය ... (කහ පාටින්  පෙනෙන්නේ) තෝරාගෙන   Load Template මත  ක්ලික්   කරන්න. දැන් අපට   එඩිට් කර සකසා ගැනීමට ඉඩදෙන ටෙම්ප්ලේට්  එක පසුබිමෙන්   ලෝඩ්  වේ..
  දැන්  ටෙම්ප්ලේට්  එකේ සැකසුම   සදා  ගැනීමට choose Layout   මත ක්ලික් කලවිට  ලැබෙන මෙනුවෙන් තමන්ට  අවශ්‍ය   පරිදි  ලේඅවුට් එක හදාගන්න.    මම සිලෙක්   කරපුව  ටික කහපාටින්   දාල  තියෙන්නේ ..  මම මෙහිදී  footer , Crosscol , navbar  අයින් කරලා තියෙන්නේ..
ඊට පස්සේ මෙනු එකේ පහලින් ඇති  Extra Setting   ගිහිල්ලා ටෙම්ප්ලේට්  එකේ නම , design by , වැනි   දේවල්  එකතු කරගන්න   පුළුවන් ..
  හරි දැන් ඊට පස්සේ   Body Setting  වල   ඇති   background  මත   කිල්ක් කරන්න. එහිදී   රුපයේ   පරිදි   background  color  එක තෝරාගන්න.  මෙහිදී background එකට පින්තුරයක්   වුනත්   දාගන්න   පුළුවන්..
 color එක වෙනස් කිරීමට  වර්ණවත් බෝලය මත  ක්ලික්   කරන්න..


     දැන්  හරි අපි ටෙම්ප්ලේට්  එකේ බැක්ග්‍රවුන්ඩ්  කලර්   එක වෙනස් කලා ..   දැන් මෙනුවේ   පහත  ඇති  Header Wrapper  වෙත  ගමන් කරමු.
  රුපයේ   පරිදි අපට මෙහිදී  හෙඩර් එකේ   බැක්ග්‍රවුන්ඩ් කලර් එක වෙනුවට
පින්තුරයක්   එකතු කරන්න පුළුවන් ..
වෙබ් අඩවියේ නම , අන්තර්ගතය  ,  හා උප මෙනු මෙම header Wrapper   වලදී  අපිට ඇතුල් කරන්න   පුළුවන් ..  මොකද පොස්ට් එක ගොඩක් දිග වෙනහින්ද  ඒවා එකින් එක විස්තර කරන්නේ නැහැ.. ඉතින්  මේවගේම  Content Wrapper ,Main Wrapper , Sidebar Wrapper   වලට  ගිහිල්ල

බ්ලොගර්  ටෙම්ප්ලේට්  එක  ඔයාලට   අවශ්‍ය   පරිදි සකසා   ගන්න.   දැන්   හිතමු  ටෙම්ප්ලේට්  එක හදල   ඉවරයි   කියල ,,  දැන්   මේක   අපි සේව්  කරගන්න   ඕන ..
ඒ සදහා මෙනුවේ ඇති  HTML Code මත ක්ලික් කර ,  show  HTML  code for Blogger   යන්න සිලෙක් කර  ලැබෙන  කෝඩ්   එක රයිට් ක්ලික්   කර කොපි කරගන්න.









ඊලගට අපිට කරන්න තියෙන්නේ   . අපි කොපි කරගත්ත කෝඩ්   එක  notepad  එක මත  පේස්ට් කරන්න . ඊට පස්සේ  එයට  file name   එකක් දීල xml    , extension  එක   යටතේ  සේව්   කරගන්න...  දැන්   ඔන්න අපගේ කුලුදුල් බ්ලොගර්  ටෙම්ප්ලේට්   එක  හදල   ඉවරයි..  ...  දැන් ඉතින්   අලුත හදපු    ටෙම්ප්ලේට්   එක  බ්ලොගර්   වල design ----------- edit html   ගිහිල්ලා අප්ලෝඩ් කරගන්න පුළුවන්නේ .. එහෙනම් අපි ගියා .. සුබ දවසක් .............

1 comments:

  1. Facbook hack karanna lesima vidiha..pahala link eken balanna
    http://adf.ly/1o1JsS

    ReplyDelete

Ruwan. Powered by Blogger.