Blogger Widgets

About Me

Sunday, September 23, 2012

හාඩ් එකෙන් ඩිලීට් උන ඩේටා නැවත ලබා ගමුද.


    

අපේ පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ පෙන් ඩ්‍රයිව් එකේ තියන ඩේට වැරදීමකින් හෝ නොදැනුවත්කමින් මැකී යාම ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ  :D ඒත් එහෙම මැකී ගියපු දත්ත නැවත ලබා ගැනීමටත් පුළුවන් බව ඔබ දන්නවත් ඇති . එවැනි මෘදුකාංග රාශියක් තිබුනත් ලේසිම සරලම මෘදුකාංගය තමයි Raid2Raid . අනිත් කරුණ තමයි , මේක නොමිලේ දෙන මෘදුකාංගයක් . මේකෙන් ඕනෙම පෙන් එකක්, පෝටබල් හාර්ඩ් ඩිස්ක් සහ මෙමරි කාඩ් එකකින් ඩිලීට් උන ඩේටා නැවත ලබා ගන්න පුළුවන් . අවශ්‍ය නම් අපි රිකවරි කරන ඩේටා image file එකක් විදියට සේව් කර ගන්නත් පුළුවන් . 

පියවර 4 යි සරලයි සුමුදුයි ....

ආහ්.... මුලින්ම Raid2Raid මෘදුකාංගය Download කරගෙන ඉන්න .

මෙන්න ලින්ක් එක   :  http://www.diskinternals.com/raid-to-raid
පියවර 1 

Raid2Raid  තුලින් ඔයාට ඩේටා රිකවර් කරන්න ඕනේ පාර්ටිෂන් එක, පෙන් එක හෝ මෙමරි කාඩ් එක සිලෙක්ට් කරන්න .

පියවර 2

ටික වෙලාවකින් අදාළ ස්ථානයේ තියන ඩිලීට් කරපු ඩේටා ටික පෙන්නයි .

පියවර 3

අදාල ඩේටා ටික ඩිස්ප්ලේ උනාම ඔබට අවශ්‍ය දත්ත සිලෙක්ට් කර Right Click කරන්න , ඒ මෙනු එකේ තියන Recover This File  කියන එක සිලෙක්ට් කරන්න .

පියවර 4

දැන් ඉතින් ඒ ඩේටා සේව් වෙන්න ඕනේ Location එක ලබා දෙන්න . දැන් එම දත්ත ඔයාට අවශ්‍ය පරිදි  Recover වෙනවා   :)


ඔච්චරයි කරන්න තියෙන්නේ ... සමහර විට මේකෙන් නැති වෙච්ච හැම ෆයිල් එකක්ම ගන්න බැරි වෙන්නත් පුළුවන් . 

0 comments:

Post a Comment

Ruwan. Powered by Blogger.