Blogger Widgets

About Me

Monday, October 01, 2012

ඕනේම පරිගණකයක් Core i7 පරිගණකයක් වගේ පෙන්වන්න පොඩි Trick එකක්.



                      මම අද කියන්න යන දෙයින් ඔයාලට ඕනෙම පරිගනකයක්
ඒ කියන්නේ Pentium I පරිගණකයක් උනත් අපිට Core i3,i5,i7 වගේ අපිට
ඕනෙම විදියක පරිගණකයක්බවට පත් කරන්නට පුලුවන්. හැබැයි ඇත්තටම
මෙතනදි අපි කරන්නේ පොඩි trick එකක් විතරයි. ඒ කියන්නේ අපේ ඉන්න
 යාලුවන්ව රවට්වන්න පුලුවන් මේ වැඩෙන්. මේ කාලේ විදියට අපිට
 තියෙන්නේ Core i3 පරිගණකයක් කියමුකෝ ඉතින් අපිට මේක පෙන්වන්න
 පුලුවන් අලුතින්ම ගත්ත Core i7 පරිගණකයක් කියලා.

මේ ක්‍රමේදි ඔයාලට ඔයාලගේ පරිගණකයේ Processor Name  එක විතරක්
නෙවෙයි පරිගණකය Speed එකත් වෙනස් කරන්න පුලුවන් ඔයාල කැමති
විදියට. මේ හැමදෙයක්ම වෙන්නේ ඉතින් දකින අයගේ ඇස් රවට්වන්න
විතරයි කියල ඔයාල මතක තියාගන්න ඕනේ.
මේ වැඩේ කරන්න අපිට softwares එහෙමත් උදව් කරගන්න පුලුවන්.
ඒ වුනාට මම දැන් කියල දෙන ක්‍රමේ 100%ක් ආරක්ෂිත ක්‍රමයක් හින්දා බය
වෙන්නකාරි නෑ.
හරි එහෙනම් වැඩේ පටන් ගමු. 

ඔයාල මුලින්ම ඔයාලගේ Start menu එකට ගිහින් Run කියලා type කරලා
ඒක open කරගන්න.
නැත්තම්
Start Menu---->All Programs---->Accessories--->Run මේ  විදියට ගිහිල්ලත්
 ඒක open කරගන්න පුලුවන්.

දැන් Run එකේ REGEDIT කියලා type කරලා Enter කරන්න.


එහෙම කලාට පස්සේ ඔයාලට මේ විදියට Registry Editor කියලා Window
එකක් ඒවි.

හරි දැන් ඔයාලා මේකේ මෙන්න මේ පල්ලේ දාල තියෙන path එකට යන්න. 
HKEY_LOCAL_MACHINE>HARDWARE>DISCRIPTION>SYSTEM>CENTRAL PROCESSOR

එහෙම ගියාට පස්සේ ඔයාලට පෙනේවි 0,1,2 වගේ ඉලක්කම් ටිකක් ඒවගේ
ඔයාලා 0 කියන එක click කරන්න
එතකොට පල්ලෙහා දාල තියෙන විදියට පෙනෙන්නට ලැබේවි.

ඔයාල 0 කියන එක click කලාම ඔයාලට දකුණු පැත්තේ තියේවි 
ProcessorNameString කියලා එකක් ඒක Right Click කරලා ඉවර වෙලා 
Modify කියන එක click කරන්න. 
දැන් මෙතනදි පල්ලෙහා විදියට Dialog Box එකක් ලැබේවි. 
දැන් ඔයාලට මගේ පරිගණකයේ details . දැන් ඔයාල කැමති විදියට 
Processor Name එක speed එක වගේ ඒවා වෙනස් කරගන්න Value 
data: කියන එකට ඔයාලට කැමති දෙයක් දෙන්න පුලුවන්. Core i7 
කියල පෙන්වන්න ඕනේ නම් එතන ඒ විදියට වෙනස් කරන්න. 
ඔයාලට නිවැරදි තොරතුරු ලබා ගන්න පුලුවන් මෙන්න මෙතන 
click කරලා. හරි ඒකෙන් ගැලපෙන එක තෝරලා 
වෙනස් කරලා OK කියන එක click කරලා. 
දැන් ඔයාලගේ Computer එකේ Properties Click කරලා බලන්නකෝ. 
ඔයාල කැමති විදියට වෙනස් වෙලා ඇති Processor Name හා 
Speed එක... 
ඔයාලට තිබ්බේ Dual Core පරිගණකයක් උනත් දැන් යාලුවන්ට 
ගිහින් බය නැතිව පෙන්වන්න පුලුවන් මට තියෙන්නේ 
Core i7 පරිගණකයක් කියල.. 
කලින් තිබ්බ විදිහ 

දැන් විදිහ 
                       
එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ 
ප්‍රයොජනවත් දෙයක් නම් comment එකක් දාලම යන්න. 

1 comments:

  1. nicea.ඵත්අයියෙ ram 1kවෙනස්කරන්න බැහැ නේ..

    ReplyDelete

Ruwan. Powered by Blogger.