Blogger Widgets

About Me

Monday, October 01, 2012

පින්තුරයක් ඇතුලේ අපේ වටිනා FILE හංගමුද.

Blogger Widgets

                  අද මම ඔයාලට කියන්න යන්නේ software නැතිව file hide කරන
 ක්‍රමයක්ගැනයි. හැබැයි මේකෙදී නම් කියන්න යන්නේ කොහොමද අපේ ඕනේම
ෆයිල් කට්ටලයක් ඒ කියන්නේ අපේ mp3,  video, film , text document,
softwares වගේ ගොඩක් ඒවා එක තනි පින්තූරයක් ඇතුලේ හංගන්නේ කොහොමද
 කියලයි. ඒ files ඔක්කොම මේ තනි photo එකේ හැංගුවත් අපිට පිටින් මේ photo
එක බලලා නම් අදුරගන්න බෑ. ඒ පින්තුරේ open කරත් අපිට පේන්නේ නිකන්
normal පින්තූරයක් වගේමයි..
මේ සදහා අපිට JPEG/GIF/PNG වගේ format එකක පින්තූර යොදා ගන්න පුලුවන්.

හරි එහෙනම් වැඩේට බහිමු.

මුලින්ම ඔයාල C Drive එකේ folder එකක් හදා ගන්න ඕනා C drive එකේ විතරයි.
වෙන කොහෙවත් නම් හදන්න එපා මොකද ඉස්සරහට කරන්න යන වැඩ වලදි
අපිට මේ වැඩේ හරියාකාරව කරන්න බැරි වෙනවා.
හරි අපි හිතමුකෝ මේ C Drive එකේ හදපු folder එකේ නම Testfile කියලා

මොකද මම එහෙම නමක් දුන්නේ දැන් ඔයාලට මම හංගනවා පෙන්වන්නේ
text file 2ක්  ඒවාගේ නම් පිලිවෙලින් FileA.txt, FileB.txt කියමු..
අපි හංගන්න යොදා ගන්න පින්තූරේ නම Image.png කියල දෙමු.
එතකොට ඔයාලට පල්ලෙහා විදියට පෙන්න ලැබෙයි.


දැන් ඔයාල අපිට හංගන්න ඕන file ටික select කරගන්න ඕනේ select කරලා ඉවර
වෙලා Right click කරලා rar file එකක් හදන්න ඕනේ.
මේකට ඉතින් ඔයාල winrar වගේ software එකක් use කරන්න ඕනේ. ඉතින් හැමෝම
ලග මේ software එක තියෙන හින්දා මම ඒ ගැන ඔයාලට කියන්න යන්නේ නෑ.

පල්ලෙහා බලන්නකෝ.


 හරි rar file එකක් හදද්දි නමක් දෙන්න එපායේ මම compressed කියලා නමක් දුන්නා
පල්ලෙහා රුපේ බැලුවාම ඔයාලට හොදට තේරුම් යාවි.



දැන් කරන්න තියෙන්නේ ටිකක් වෙනස් දෙයක්. ඒ කියන්නේ command ටිකක්
 ගහන්න ඕනේ. මේකට ඉතින් අපිට ඕනේ වෙන්න cmd එක.
එක open කරගෙන තමයි අපී මේ වැඩේ කරන්න යන්නේ.
හරි එහෙනම් ඔයාලා Start menu එකේ search කරන්න තියෙන තැන cmd කියලා
type කරන්නකෝ පල්ලේහා රූපේ දැක්කම තේරුම් ගන්න පුලුවන් වෙයි ඔයාලට.


දැන් ඒක open කරගත්තට පස්සේ මෙන්න මේ විදියට ලැබේවි..


දැන් ඔයලා මේකේ cd\ කියලා type කරලා Enter button එක press කරන්න.
පල්ලෙහා රූපය බලන්න.


ඉන්පසුව ලැබෙන තීරුවේ cd Textfile කියලා ගහලා Enter button එක press කරන්න..
පල්ලෙහා රූපය බලන්න. 



ඉන්පසුව copy /b Image.png + Compressed.rar Secretimage.png කියල
ගහල Enter button එක press කරන්න. (මෙතනදි ඔයාලට විෂේශ දෙයක් කියන්න
 ඕනේ මේ code එකේ Image.png කියල ගහලා තියෙනවානේ ඔයාල වෙන format
 එකකින් ඒ කියන්නේ ඔයාල GIF පින්තූරයක් use කරනවා නම් මේ වැඩේට
 Image.gif කියලා දෙන්න ඕනේ.)
පල්ලෙහා රූපය බලන්න. 


දැන් ඉතින් වැඩේ හරි.
දැන් ඔයාල බලන්නකෝ ඔයාලගේ C drive එකේ ඇති Testfile folder එකේ
අලුතින් Secretimage.png කියලා පින්තුරයක් Create වෙලා ඇති.
පල්ලෙහා වගේ.



දැන් ඉතින් මේ create වුන පින්තූරේ ඇතුලේ FileA.txt FileB.txt තියෙනවා.
ඒ හින්දා ඒ පින්තුරේ ඇරෙන්න මේ folder එකේ අනිත් ඒවා delete කරාට කමක් නෑ.

දැන් ඔයාල බලනවා ඇති මේක ඇතුලේ තියෙන file එහෙම ආපහු ගන්නේ 
කොහොමද කියලා හරිම සිම්පල් 
ඒ පින්තූරේ Right Click කරලා open with වලින් Win rar select කරලා 
open කරන්න. 
හරිනේ වැඩේ..
ප්‍රයොජනවත් දෙයක් කියලා හිතනවා නම් comment එකක් දාලම යන්නකෝ.

1 comments:

  1. සුපිරි ඈ..

    http://techtrickslanka.blogspot.com

    ReplyDelete

Ruwan. Powered by Blogger.